මාතරදී කාන්තාවකට පිහි ඇනුමක්
මාතර ප්රධාන බස්නැවතුම් පලට මදක් මත්තෙන් පිහිටි මාතර බෝධිය අසලදී අද (02) පෙරවරුවේ පුද්ගලයෙකු විසින් කාන්තාවකට පිහි ඇනුමක් සිදු කොට තිබෙනවා.
සැකකරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට මුහුණ දුන් කාන්තාව රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පිහි ඇනුමට ලක් වූ කාන්තාවගේ සැමියා පිහි ඇනුම සිදු කළ සැකකරුගේ බිරිඳ සමග අනියම් ඇසුරක් ඇති බවට පැමිණිල්ලක් සිදු කොට තිබෙනවා. එසේ පැමිණිලි සිදුකොට යමින් සිටියදී මෙලෙස පිහි අනුමට ලක් කොට ඇති බවයි පොලිසිය කියා සිටියේ.