බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගය නාය යයි ! | Colombocall බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගය නාය යයි ! - Colombocall

Hot News

බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගය නාය යයි !

නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් ඊයේ  (15) උදැසන 11.30 පමණ කාසල්රි ජාලාශයට ඇදි ගොස් ජලාශයේ තැන්පත් වි ඇත.


නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මර්ගයේ කොටසක් හා නිවාස පහක් නායයාමේ අවධානමට සක්‍රිය විම හේතුවෙන් එහි පදිංචි පවුල් 5 කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම ඉවත් කරනු ලැබුවා.
පෙරේදා (14) උදැසන වන විට ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබු අතර උදැසන 11.30 පමණ මාර්ගයට ඉහලින් වු විශාල පස් කන්දක් සමග ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් හා නිවාස 4 ක් කාසල්රි ජලාශයට ඇදි ගොස් ජාලාශයේ තැන්පත් වි ඇත.
ඒ අසලම තවත් නිවාස කිහිපයක් නායයාමට සක්‍රිය වි ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ