තෙල් මිල පහළට ! රුපියලේ බාල්දුව නිසා ලංකාවට අවාසියක් ! | Colombocall තෙල් මිල පහළට ! රුපියලේ බාල්දුව නිසා ලංකාවට අවාසියක් ! - Colombocall

Hot News

තෙල් මිල පහළට ! රුපියලේ බාල්දුව නිසා ලංකාවට අවාසියක් !







ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ගණන් පහළ බසිමින් තිබේ. ඊයේ (25 වනදා) දින වනවිට ලෝක වෙළෙදපොළේ ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැලරයක මිල ඇමරිකානු ඩොලර් 66.17 දක්වා ද, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.59 දක්වා ද අඩු වී තිබේ.

මෙරට ක්‍රියාත්මක මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනයට නියමිතව ඇත්තේ නොවැම්බර් 10 වැනිදාය. පසුගිය දිනවල ලෝක වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85 පමණ දක්වා ඉහළ ගොස් තිබිණි.

මේ අතර ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ගණන් පහල බැස ඇතත්. ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය අනුව එළැඹෙන 10 වැනිදා ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවනු ඇතැයි විද්වතුන් කියති. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඩොලරය හමුවේ රුපියල දිනෙන් කඩා වැටීම නිසා ඉහත වාසිය ජනතාව වෙත නොලැඹෙන බවයි.

ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවට සම්බන්ධ මැතිඇමැතිවරු පවා පසුගියදා ප්‍රකාශ කළේ ඉන්ධන මිල සූත්‍රයට අනුව තෙල් මිල වැඩිවීමක් මිස අඩුවීමක් සිදු නොවන බවය.