ජනපතිගේ ඉල්ලීමට බන්දුලගෙන් කනේ පහරක්! | Colombocall ජනපතිගේ ඉල්ලීමට බන්දුලගෙන් කනේ පහරක්! - Colombocall

Hot News

ජනපතිගේ ඉල්ලීමට බන්දුලගෙන් කනේ පහරක්!





පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන හට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයන් ජනාධිපති කාර්යාලයට පැමිණෙන්න කියා කළ ආරාධනාව ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

ඊයේ (02) රාත‍්‍රියේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දී ගත් තීරණයකට අනුව මෙසේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති සිරිසේන මහතා රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (02) දින ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස ලිපියක් මගින් මේ බව දන්වා සිටියා. කෙසේවෙතත් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ රාතී‍්‍ර 7.00 ට පමණයි.