ප්රභාකරන් යළි පැමිණෙන තුරු ද්‍රවිඩ ජනතාව බලා සිටිනවා ! නෙඩුමාරන්ගේ සිහිනය මෙන්න
ප්රභාකරන් ජීවතුන් අතර සිටින බවත් නියම වෙලාවට ඔහු ජනතාව හමුවට එන බවත් තමිල්නාඩුවේ කොටි හිතවාදියකු වූ නෙඩුමාරන් කියා සිටී.
තමිල්නාඩුවේදී ප්‍රකාශයක් කළ නෙඩුමාරන් ප්රභාකරන් යළි මතුවන තුරු ද්‍රවිඩ ජනතාව බලා සිටින බව කීවේය. මෙයට සමානව ප්‍රකාශයක් කළ තමිල්නාඩුවේ බීඡේපී මන්ත්‍රී ජෝන් රාමක්‍රිෂ්ණන් ප්රභාකරන් ජීවමාන වූවොත් ද්‍රවිඩ ජනතාව සතුටට පත්වන බව කීවේය.
ජෝන් රාමක්‍රිෂ්ණන්ගේ මේ ප්‍රකාශය ගැන තමිල්නාඩු කොංග්රස් නායක පීටර් ඇලෝසියස් විරෝධය පළ කරමින් එවන් ප්‍රකාශ පිළිගත නොහැකි බව කීවේය.