පාසල් පෙම්වතා නිවසටම පැමිණ කම් සැප පිරිනමද්දී සිදු වුණු අකරතැබ්බය ! | Colombocall පාසල් පෙම්වතා නිවසටම පැමිණ කම් සැප පිරිනමද්දී සිදු වුණු අකරතැබ්බය ! - Colombocall

Hot News

පාසල් පෙම්වතා නිවසටම පැමිණ කම් සැප පිරිනමද්දී සිදු වුණු අකරතැබ්බය !








පාසල් යන මුවාවෙන් නිවසින් පිටව ගොස්‌ ඇති සිසුවියන් දෙදෙනකු පාසල් වියේ පෙම්වතුන් දෙපළක්‌ සමඟ මීගොඩ පොලිස්‌ බල ප්‍රදේශයට අයත් බටවල ප්‍රදේශේ එක්‌ සිසුවියක්‌ පදිංචිව සිටින නිවසේ ලිංගිකව හැසිරී ඇතැයි කියන සිද්ධියක්‌ ගැන මීගොඩ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ එක්‌ සිසුවියක්‌ හා ඇගේ පාසල් පෙම්වතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිසුවිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත. එහිදී ඇය ලිංගික අතවරයකට ලක්‌ වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කර තිබෙනවා.

රාජගිරිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන මෙම සිසුවියන් දෙදෙනා එම ප්‍රදේශයේ පාසල් සිසුන් දෙදෙනකු හා ඇතිකරගත් ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇත. බටවල නිවසේ පදිංචිව සිටින සිසුවිය ඇයගේ දෙමාපියන් නිවසින් බැහැරව ගොස්‌ සිටියදී තම පෙම්වතා හා ඇයගේ යෙහෙළියත් යෙහෙළියගේ පෙම්වතාත් එම නිවසට ගෙන්වාගෙන සිටියදී මෙම සිද්ධියට මුහුණපා තිබේ.

ඒ මොහොතේ අදාළ නිවසේ පදිංචි පාසල් දැරියගේ පියා හදිසියේ නිවසට පැමිණ තිබෙන අතර ඇතුළතින් දොරගුලු දමා තිබූ නිවසේ කිසියම් පිරිසක්‌ සිටින බව දැනුණු හෙයින් ඔහු නිවසේ පසුපස දොරටුව වෙත ගොස්‌ තිබේ. ඒ සමඟම පසුපස දොර ඇරගත් තරුණ පාසල් සිසුන් දෙදෙනා පසුපස දොරටුව හරස්‌ කරගෙන සිටි නිවෙස්‌ හිමි පාසල් දැරියගේ පියාට පහරදී තම පෙම්වතියන් ද රැගෙන පලාගොස්‌ තිබේ. පසුව මේ පිළිබඳව බටවල නිවසේ පදිංචි පාසල් දැරියගේ මව මීගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය අදාළ පාසල් දැරිය හා 17 හැවිරිදි ඇගේ පාසල් පෙම්වතා වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අත්අඩංගුවට පත් දැරිය රෝහල්ගත කර අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කෙරිණි. සැකකාර පාසල් සිසුවා හෝමාගම මහෙස්‌ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇතැයි මීගොඩ පොලිසිය කියයි.

එම සිද්ධියට අදාළ අනෙක්‌ පාසල් පෙම් යුවළ පිළිබඳව මෙතෙක්‌ කිසිදු පැමිණිල්ලක්‌ ඉදිරිපත් වී නැතැයි පවසන පොලිසිය ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇතැයි පවසයි.

මීගොඩ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස්‌ මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. දල්පදාදු මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.