සභාපතිගෙන් ගුටි කෑ මන්ත්‍රීට "සුව සැරිය" පිහිට වේ ! | Colombocall සභාපතිගෙන් ගුටි කෑ මන්ත්‍රීට "සුව සැරිය" පිහිට වේ ! - Colombocall

Hot News

සභාපතිගෙන් ගුටි කෑ මන්ත්‍රීට "සුව සැරිය" පිහිට වේ !







ඉමදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පවතින අතරතුරදී  එක්සත් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරයකු සභාපතිවරයාගේ අනුරුව පඹයකුට යොදා සභා ගර්භයට ගෙන ඒමෙන් කෝපයට පත් වු සභාපතිවරයා ගේ පහරදීමට ලක්වු මන්ත්‍රී වරයා රෝහල්ගත කර තිබේ. ‍මෙසේ රෝහල්ගත කෙරුණේ ඒ. ජී.අරුණ  නම්  එක්සත් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරයෙකි.

ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී සරත්කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ඉමදුව මාසික මහ සභාව පැවැත්වෙන අතරතුරදී පහරකෑමට ලක් වු මන්ත්‍රීවරයා‘සභාපති ‘ යැයි ලේබලයක් ගසා පඹයකුගේ අනුරුවක් සභා ගැබට රැගෙන ඒමෙන් පසු එහිදී ඇති වු බහින්බස් වීමකින් අනතුරුව සභාපතිවරයා මන්ත්‍රීවරයාට පහරදී තිබේ.

මෙම සිදුවීමෙන් පසු  විනාඩි 10 කට කල්තැබු අතර  පහරකෑමට ලක් වු මන්ත්‍රීවරයා 1990 හදිසි ගිලන් රථ සේවයෙන් ඉමදුව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.