නව ආණ්ඩුවක අවශ්‍යයි
නව ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ අවශ්‍යතාව මතුව ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඒකීය රාජ්‍ය අහෝසි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් යෝජනා යන මැයෙන් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ (09) සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින්.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වයක් තිබියදිත් සංඝරත්නයට දැඩි බලපෑම් එල්ල වන බවත් ආගමික නායකයින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ විට එතුමන්ලටත් දැඩි බලපෑම් එල්ල වන බව උන්වහන්සේ පැවසීය.
මේ අතර මෙම සම්මන්ත්‍රණයට එක් වූ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව අදහස් පළ කළේය.