තමාට සාධාරණය ඉෂ්ඨ කරන්නැයි අරගල කල තෙබුවන සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාරයට | Colombocall තමාට සාධාරණය ඉෂ්ඨ කරන්නැයි අරගල කල තෙබුවන සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාරයට - Colombocall

Hot News

තමාට සාධාරණය ඉෂ්ඨ කරන්නැයි අරගල කල තෙබුවන සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාරයට





කළුතර ප්‍රදේශයේ තෙබුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාරයට ඇතුලත් කොට තිබෙනවා.

මතුගම මහේස්ත්‍රාත් අධිකරනය කල නියෝගයකට අනුව ලබන 09 වන දින දක්වා මෙසේ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවරගෙන ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

තමා විසින් සිර බාරයට ගත් වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් තෙබුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීම හේතු කොටගෙන එම තීරණයට විරෝධය පළ කරමින් තෙබුවන පොලීසියට අනුයුක්තව සේවය කළ අදාළ පොලිස් සැරයන්වරයා ඊයේ(03) පස්වරුවේ තෙබුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.

සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබාගන්නා බවට ප්‍රකාශ කරමින් නොසන්සුකාරී ලෙස හැසිරුණු ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පැය දෙකක පමණ උත්සාහයකින් අනතුරුව මෙල්ල කරගනු ලැබු පසු අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද දිනයේ මෙලෙස මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.