හිසට හිසක් - කෑලි කෑලි වලට කපා සිදු කල ද්විත්ව ඝාතනයේ සුළමුල හෙළිවෙයි | Colombocall හිසට හිසක් - කෑලි කෑලි වලට කපා සිදු කල ද්විත්ව ඝාතනයේ සුළමුල හෙළිවෙයි - Colombocall

Hot News

හිසට හිසක් - කෑලි කෑලි වලට කපා සිදු කල ද්විත්ව ඝාතනයේ සුළමුල හෙළිවෙයි



ඌරගස්මංහන්දිය - ඉහළමාලවල - රන්තොටුවිල ප්‍රදේශයේ දී නිවසක් තුල කෑලි කෑලි වලට කපා ඊයේ රාත්‍රීයේ සිදුවූ ද්විත්ව ඝාතනය, පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ වක් බවට පොලිස් මුලික පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පැමිණි කිසියම් පිරිසක් මොවුන්ට වෙඩි තබා පසුව මොවුන්ට තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පිළිවලින්  27 සහ  37ක් වයසැති ඥාති පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්වු අතර,    ඝාතනයට ලක්වු  27 හැවිරිදි පුද්ගලයාගේ හිස ඝාතනය සිදුවූ ස්ථානයට නුදුරින් වූ මාර්ගයක තිබී සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ 27  27 හැවිරිදි පුද්ගලයා  මීට පෙර පුද්ගලයෙකු ඝතනය කර, එම සිරුරේ හිස මෙවැනිම ආකාරයට මාර්ගයක ගෙනවිත් තබා ඇති බවට තොරතුරු අණාවරණය වී ඇති බවයි.


 අපරාධය සිදුකළ සැකකරුවන් සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.