පාකිස්තාන ආරක්ෂක ලේකම් අද දිවයිනට! | Colombocall පාකිස්තාන ආරක්ෂක ලේකම් අද දිවයිනට! - Colombocall

Hot News

පාකිස්තාන ආරක්ෂක ලේකම් අද දිවයිනට!





පාකිස්ථානයේ ආරක්ෂක ලේකම් ඇතුළු එරට ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් සිව්දින නිල සංචාරයක් සඳහා අද(02) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ලුතිනනන් ජනරාල් ඉක්‍රම් උල් හක් මහතා ඇතුළු දූත පිරිස මෙරට පැවැත්වෙන ශ්‍රී  ලංකා පාකිස්ථාන සන්නද්ධ හමුදාවල ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පැමිණෙන බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර ඇති සබඳතා කලාපීය සාමය ආරක්ෂාව සහ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම උදෙසා මෙම සංචාරය පිටිවහලක් වනු ඇතී. ඒ සඳහා වැඩි අවධානයක් යොමුකරමින් පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නියෝජිතයින්, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.