ආණ්ඩුවෙන් දෙන පඩියත් නොගන්නා ජවිපෙ විශාම වැටුප වැඩි කරන්න ඉල්ලයි
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්තී‍්‍රවරයෙකු වන පේ‍්‍රමසිරි මානගේ යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙනවා.
දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලබන මූලික වැටුපෙන් තුනෙන් එකක් විශ්‍රාම වැටුපක් වසර 5 ක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුව සිටි තැනැත්තෙකුට ලැබෙනවා. වසර 15 ක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුව සිටි තැනැත්තෙකුට දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලබන මූලික වැටුපෙන් තුනෙන් දෙකක් විශ්‍රාම වැටුප ලෙස හිමිවනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,285 ක් ලෙස සඳහන්වනවා. කෙසේ වෙතත් මෙම වැටුපට අමතරව රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක්, ඉන්ධන සහ දුරකතන දීමනාද දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට හිමියි. හිටපු පාර්ලිමේන්තු මන්තී්රවරුන්ගේද වැටුප් ගණනයේදී මෙම දීමනාද සලකා බලන ලෙසයි මානගේ මහතා යෝජනා කර සිටින්නේ.
මෙම යෝජනාව සලකා බලා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට විශ්‍රාම වැටුපට අමතරව රුපියල් 15,000 ක අමතර දීමනාවක් ගෙවීමට කතානායකවරයා පසුව යෝජනා කර තිබෙන බවයි වාර්තාවන්නේ. පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේදීද මෙම යෝජනාව සාකච්ඡාවට ගෙන තිබෙන අතර, එහි සාමාජිකයෙකු වන ජනතා විමුක්ති පෙරමුණේම නිහාල් ගලප්පත්ති මන්තී‍්‍රවරයා ඊට විරුද්ධ වී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.