"ජමාල්" ගේ සිරුරු කොටස් තුර්කියේ සෞදි අරාබි කොන්සල් ජනරාල්වරයාගේ ගෙවත්තෙන් හමුවෙයි
මාධ්‍යවේදී "ජමාල් ඛෂෝගි"ගේ සිරුරු කොටස් තුර්කියේ සෞදි අරාබි කොන්සල් ජනරාල්වරයාගේ ගෙවත්තේ තිබී හමුවී තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ, තුර්කි පොලීසිය සෞදි අරාබි කොන්සල් ජනරාල්වරයාගේ නිවස සහ අවට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී ජමාල්ගේ සිරුරු කොටස් හමු වූ බව යි.
ජමාල්ගේ සිරුර කැබලි කර ඇති බවත්, ඔහුගේ මුහුණ හඳුනා ගැනීමට නොහැකි වන සේ කපා කොටා ඇති බවත් විදෙස් මාධ්‍ය තුළින් වාර්තා වෙනවා.
මේ අතර මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ කෲර ඝාතනය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලමින් සිටින බව තුර්කි ජනාධිපති "රිසේප් තායිප් අර්ඩොගන්" පවසනවා.