අගමැතිවරයා තමා ගැන පෙර නොකිවූ දෙයක් මාධ්‍යට හෙළි කරයි | Colombocall අගමැතිවරයා තමා ගැන පෙර නොකිවූ දෙයක් මාධ්‍යට හෙළි කරයි - Colombocall

Hot News

අගමැතිවරයා තමා ගැන පෙර නොකිවූ දෙයක් මාධ්‍යට හෙළි කරයි






කුරුනෑගල ඇහැටුවැව ප්‍රදේශයේ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ නව පරිපාලන දෙමහල් ගොඩනැගිල්ල සහ සෞන්දර්ය ඒකකය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) සිදු කරනු ලැබුවා.

එම උත්සවය සඳහා සහබාගි වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ තමා අද මේ තත්වයට පැමිණියේ වන්නි හත්පත්තුවෙන් බවයි.

" ඇහැටුවැව දිවුණු ප්‍රදේශයක්. වන්නි හත්පත්තුවට අයත් ප්‍රදේශයක්. මමත් ආවේ වන්නි හත්පත්තුවෙන් මිට අවුරුදු 21 විතර ඉස්සර වන්නියෙන් පැනල ගියා.

පරණ පවු ඔක්කොම හෝදලා දාල දැන් තමයි පටන් ගන්නේ මේ පදනම උඩ මීළඟ අවුරුදු පහේ ස්‍රීග්‍ර දිවුනුවක් ගන්න පුළුවන් වෙන්න. "

මෙහිදී තෙල් මිල ඉහල දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සතියකට වරක් සංශෝදනය කිරීමට තිබු ඉන්ධන මිල මසකට වරක් සංශෝදනයට පියවර ගත්තේ මිල සුත්‍රය සම්බන්ධයෙන් පුහුණුවක් නොතිබුණු නිසා බවයි.