විශ්ව ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි! | Colombocall විශ්ව ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි! - Colombocall

Hot News

විශ්ව ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි!





ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද (01) දිනයට යෙදී තිබෙනවා. ඒ පිළිබඳව ජාතික උත්සවය කොළඹ කේන්ද්‍රකොට ගනිමින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශලාවේ දී පැවැත්වීමට නියමිතයි. 'දිරියෙන් පෙරමුණට යන්න - ළමා කැළට සවිය දෙන්න' යන්න මෙවර එහි තේමාවයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික උත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සැලසුම් කොට ඇති බවට වාර්තා වනවා. විශේෂ දක්ෂතා සහිත දරුවන් 9 දෙනෙකුට හා ලෝක ළමා දින මුද්ද‍රයේ චිත්‍රය නිර්මාණය කළ දරුවාට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉදිරිපත් කරන සංස්කෘතික අංග, පාසල් දරුදැරියන් ඉදිරිපත් කරන විශේෂාංග රැසක් උත්සවයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ ළමා දින සැමරුම් වැඩසටහනක් ඊයේ (30) යාපනය පැරණි ළමා උද්‍යානයේදී පැවැත්වුණා.

ලෝක වැඩිහිටි දිනයද අද දවසට යෙදී තිබෙන අතර මේ වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක් උත්සව හා විවිධ ක්‍රියාකාරී වැඩසටහන්  ක්‍රියාත්මක කරනවා.