ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඔහු 65 වන වියේ පසුවුණා.
ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක සමඟ සහභාගී වී අද (01) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිට ඇති බවයි ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් ප්‍රකාශ කළේ.