"සුජීව සේනසිංහ"ට රියදුරෙක් හොයාගන්න "රනිල්" ගෙන් පත්තර දැන්වීමක් ! වැටුප 50 000 ඉක්මවයි -PHOTOS- | Colombocall "සුජීව සේනසිංහ"ට රියදුරෙක් හොයාගන්න "රනිල්" ගෙන් පත්තර දැන්වීමක් ! වැටුප 50 000 ඉක්මවයි -PHOTOS- - Colombocall

Hot News

"සුජීව සේනසිංහ"ට රියදුරෙක් හොයාගන්න "රනිල්" ගෙන් පත්තර දැන්වීමක් ! වැටුප 50 000 ඉක්මවයි -PHOTOS-








"සුජීව සේනසිංහ" අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් අමාත්‍යවරයා ගේ සුඛෝපබෝගී බෙන්ස් රථය පැදවීම සඳහා රියදුරු මහතකු සොයගැනීම උදෙසා පත්තර දැන්වීමක් පලකර තිබෙනවා.

"රනිල් ආටිගල" නැමැති ඔහුගේ දුරකථන අංකය මෙම දැන්වීම සඳහා පළකර තිබෙනවා.

දැන්වීමේ දැක්වෙන පරිදි වසර පහක් පැරණි බරවාහන පැදවිය හැකි බලපත්‍රයක් හා මනා හික්මීමකින් යුතු රියදුරුවරයෙක් ඔවුන්ගේ සේවය සඳහා අවශ්‍ය වී ඇති බවයි. ඒ අතරම එහි දැක්වෙන පරිදි ඉතා විශ්වාසයෙන් රාජකාරිය කළ හැකි කෙනෙක් විය යුතු බවද  ඔවුන් කියා සිටිනවා.

ආහාර සහ නවාතැන් අමාත්‍යවරයා ලබා දෙන බවත් රුපියල් 50000 වඩා වැඩි වැටුපක් ලබා ගත හැකි බවත් එහි දැක්වෙනවා.

නමුත් මේ පිළිබඳ බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ පත්තර වල දැන්වීම් දමා විශ්වාසවන්තයකු සොයා ගන්නේ කෙසේ ද යන්නයි. තවත් සමහරුන් පවසන්නේ තමාට හිතවත් අයකුට රැකියාවක් ලබා දීමේ හැකියාව තිබුණත් එසේ නොකර මෙවන් ක්‍රියා කිරීම තුල අමාත්‍යවරයා තම සමීපතමයන්ට සලකන ආකාරය මනාවට තේරුම් ගත හැකි බවයි.