5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන්, දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක්
2018 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්කර තිබෙනවා.
www.doenets.lk වෙත පිවිස මේ වන විට මෙහි ප්‍රතිපල දැනගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටින්නේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයින ප්‍රථම ස්ථාන දෙකක් ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
බුමිත් මෙත්නුල් විතානගේ - 199 (පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය )
සනූප දිමත් පෙරේරා - (199) (ශාන්ත මරියා මහා විද්‍යාලය වේයන්ගොඩ)
තවද මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍යයේ වැඩිම කඩඉම් ලකුණ වන්නේ 168යි. කොළඹ, ගම්පහ, කලූතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවල සිංහල මාධ්‍යයේ කඩඉම් ලකුණ 168ක් වනවා. එම දිස්ති‍්‍රක්ක වල දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණ 165ක්. අනෙකුත් දිස්ත්‍රික්කවල ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන් වල කඩයිම් ලකුණු පහත පරිදි දැක ගත හැකියි.