තලවකැලේ වතු යායෙන් පවුල් 300 ක් ඉවතට! | Colombocall තලවකැලේ වතු යායෙන් පවුල් 300 ක් ඉවතට! - Colombocall

Hot News

තලවකැලේ වතු යායෙන් පවුල් 300 ක් ඉවතට!





තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් තේ වතුයායෙන් වතු කම්කරු පවුල් 300 ක සාමාජිකයින් 1000 කට ආසන්න පිරිසක් අද (03) අළුයම ඉවත් කිරීමට පියවර ගෙන තිබනවා.

ඒ තලවකැලේ වතු නිවාස පේළියකට ඉහළින් පිහිටි විශාල කන්දක් නාය යෑමේ අවදානමක් හේතුවෙනුයි.

ඊයේ (02) රාත්‍රීයේ පවතී අධික වර්ෂාව හේතු කොටගෙන තලවකැලේ ග්‍රේට් වෙස්ටන් තේ වතුයායේ, ලූසා කොටසේ වතු නිවාස පේළියකට ඉහළින් පිහිටි විශාල කන්ද මේ වන විට නාය යාමේ අවධානමට ලක්ව තිබෙනවා. එමනිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 300 ක සාමාජිකයින් 1000 කට ආසන්න පිරිසක් අවතැන්ව සිටිනවා. කෙසේ වෙතත් මේ වන විට එම අවතැන් පිරිස ශ්‍රී මුත්තු මාරි අම්මන් හින්දු කෝවිලේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රී ප්‍රදේශයට ඇඳ හැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ වතු නිවාස පේළියට ඉහළින් පිහිටි කන්දෙන් ගල් පෙරළෙන ශබ්ද ඇසුන බව අවතැන් පිරිස් කියා සිටියා.

තලවකැලේ පොලීසිය මේ වන විට ආරක්ෂාවට යොදවා ඇති අතර ග්‍රේට් වෙස්ටන් තේ වතුයායේ පාලනාධිකාරිය මඟින් අවතැන්ව සිටින පිරිසට පහසුකම් සපයා තිබෙනවා.