කුරුණෑගල වැව රවුමේ අශෝභන ලෙස හැසිරුණු ජෝඩු 21 ක් මාට්ටු ! | Colombocall කුරුණෑගල වැව රවුමේ අශෝභන ලෙස හැසිරුණු ජෝඩු 21 ක් මාට්ටු ! - Colombocall

Hot News

කුරුණෑගල වැව රවුමේ අශෝභන ලෙස හැසිරුණු ජෝඩු 21 ක් මාට්ටු !






කුරුණෑගල වැව රවුමේ සැරිසරමින් අශෝභන ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුගියදා සිදුකළ මෙහෙයුමකදී අවුරුදු 15ත් - 17ත් අතර වයසේ පසුවන ළාබාල සිසු සිසුවියන් 21ක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.

 උපාකාරක පන්තිවලට පැමිණෙන මුවාවෙන් කුරුණෑගල නගරයට එන පාසල් සිසු සිසුවියන් ජෝඩු ලෙස වැව රවුමේ සැරි සැරීමෙන් අපචාරවලට ගොදුරුවීම වළක්වා ගැනිමේ අරමුණින් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත සිදු කළ වැටලීමකදී මෙම තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන තිබේ.

වැව රවුමේදී අත්අඩංගුවට ගත් මෙම ලාබාල "ජෝඩු" පාසල් සිසු සිසුවියන් බැවින් නීතිමය පියවර නොගෙන පොලිසියෙන් අවවාද කර ඔවුන්ගේ දෙමවුපියන්ට භාරදිමට පියවර ගත් බව පොලිසිය පවසයි.

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ