සෞදි මාධ්‍යවේදියා ගැන තුර්කියේ නිල ප්‍රකාශය | Colombocall සෞදි මාධ්‍යවේදියා ගැන තුර්කියේ නිල ප්‍රකාශය - Colombocall

Hot News

සෞදි මාධ්‍යවේදියා ගැන තුර්කියේ නිල ප්‍රකාශය

තුර්කියේ ඉස්තාන්බුල්හී සෞදි කොන්සල්  කාර්‍යාලය තුලදී ඝාතනය වූ සෞදි ලේඛක ජමාල කෂෝගී ඝාතනය පූර්ව සැලසුමකට අනුව සිදුවූ ඝාතනයක් බවට තුර්කි ජනාධීපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඝාතනය සිදුවීමට පෙර එකිනෙකට වෙනස් සෞදි කණ්ඩායම් තුනක් පිළිබඳව අනාවරණය වී ඇති බවද ඔවුන් ප්‍රකාශ කරනවා.මෙම මාධ්‍යවේදියාගේ අතුරුදහන් වීම පිළිබඳව තුර්කි රජය විසින් පවත්වාගෙන යන පරීක්ෂණ පිළිබඳවද ඔහු ප්‍රකාශ කලා.
මෙම සිද්ධිය සම්බන්ධව සෞදි රජයට බලපෑම් කිරීම පිළිබඳව ඔහු ජත්‍යාන්තර  මාධ්‍ය වෙතද සිය ප්‍රසංශාව පල කර සිටිනවා.එම පීඩනය නිසා සෞදි රජය විධිමත්ව පරීක්ෂණ පවත්වනවා ඇතැයි ඔහු කියා සිටියා.
සෞදි මාධ්‍යවේදියා කොන්සෝල් කාර්‍යාලයෙන් පිටව ගිය බව සෞදි බලධාරීන් මුලින් පැවසුවත්,පසුව පැවසුවේ ඔහු කාර්‍යාලය තුල සිදුවූ ගැටුමක් නිසා මිය ගිය බවයි.