බෙල්ලන්විල වෛද්‍යවරියගේ නිවසේ ගින්නට හේතුව මෙන්න! - VIDEO / PHOTOS | Colombocall බෙල්ලන්විල වෛද්‍යවරියගේ නිවසේ ගින්නට හේතුව මෙන්න! - VIDEO / PHOTOS - Colombocall

Hot News

බෙල්ලන්විල වෛද්‍යවරියගේ නිවසේ ගින්නට හේතුව මෙන්න! - VIDEO / PHOTOS





බෙල්ලන්විල - ශ්‍රී සෝමරතන මාවත තුල පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසක් තුල ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.

පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීමෙන් 33 හැවිරිදි මාස පහක ගැබිණි මවක් මරණයට පත් වූ අතර, ඇයගේ සැමියා සහ පස් හැවිරිදි කුඩා පුතු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු බවයි.

ගින්නෙන් ජිවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය හොරණ රජයේ රෝහලේ මීට පෙර සේවය කර ඇති අතර, සැමියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරනු ලබන බවයි වාර්තා වන්නේ.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බවයි. පස් හැවිරිදි කුඩා පුතුගේ තත්ත්වය බරපතල නොවන බවද ඔහු කියා සිටියා.

ඇතිවූ ගින්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකිරීමට නියමිතයි. දෙමහල් නිවසක් වන එම නිවසේ උඩු මහලේ මෙලෙස ගින්නට හසු වී තිබුනා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාද එම ස්ථානයට අද පැමිණීමට නියමිතව ඇති බව බොරලැස්ගමුව පොලිසිය සඳහන් කළා.


එම වීඩියෝව සහ සෙයාරූ පහතින්..