කාර් රථයක් දුම්රියේ ගැටී හතරක් එතනමයි ! -Photos- | Colombocall කාර් රථයක් දුම්රියේ ගැටී හතරක් එතනමයි ! -Photos- - Colombocall

Hot News

කාර් රථයක් දුම්රියේ ගැටී හතරක් එතනමයි ! -Photos-







වව්නියාව, ඕමන්ත, පන්ද්‍රින්කේන්ද්‍රකුලම් ප්‍රදේශයේ දී සිදුවුණු දුම්රිය අනතුරකින් පුද්ගලයින් සි‍ව්දෙනෙකු ඊයේ (16 දා) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව ඕමන්ත පොලිසිය පවසයි.

ඕමන්ත පොලීසිය පැවසූවේ යාපනය සිට මාතර බලා ධාවනය වු ශිඝ්‍රගාමී දුම්රියේ කාර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ජිවිතක්ෂයට පත්වූ අයගේ සිරුරු වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති බවද පොලීසිය පැවසීය.

ඊයේ උදෑසන 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී බව හෙළිව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අනතුරෙන් පසු ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න