ප්‍රභාකරන් හමුවීමට මම කිළිනොච්චි හරි යන්න හිටියෙ ! මහින්ද ඉන්දියාවේදී කට අරී -PHOTOS- | Colombocall ප්‍රභාකරන් හමුවීමට මම කිළිනොච්චි හරි යන්න හිටියෙ ! මහින්ද ඉන්දියාවේදී කට අරී -PHOTOS- - Colombocall

Hot News

ප්‍රභාකරන් හමුවීමට මම කිළිනොච්චි හරි යන්න හිටියෙ ! මහින්ද ඉන්දියාවේදී කට අරී -PHOTOS-





එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුවීම සඳහා තමන් එදා කිලිනොච්චියට හෝ යෑමට සූදානමින් පසුවූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියානු සංචාරයක නිරත හිටපු ජනපතිවරයා SNI ඉන්දීය  පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මම පණිවිඩකරුවන් යැව්වා.

මම කිව්වා ප්‍රභාකරන් කොළඹට එන්න කැමති නැතිනම් මම එහාට යන්නම් කියලා. මම කිලිනොච්චියට ගොස් ඔහුව හමුවීමට සිටියේ. නමුත් ඔහු කවදාවත් එයට එකඟ වුණේ නෑ යැයි ඔහු සඳහන් කරයි.

එසේම තමන්ට එල්.ටි.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට හැකි බවට විශ්වාසයක් පැවැති බවත් බටහිර මෙන්ම ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායන් පවා එය විශ්වාස නොකළ බවත් ඔහු පවසයි.