ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට "දිනේෂ් චන්දිමාල්" පත් කරයි. -photos- | Colombocall ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට "දිනේෂ් චන්දිමාල්" පත් කරයි. -photos- - Colombocall

Hot News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට "දිනේෂ් චන්දිමාල්" පත් කරයි. -photos-









මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් එම නායකත්වයෙන් ඉවත් කර නව නායකයා ලෙස  දිනේෂ් චන්දිමාල් පත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් ඒ බව තහවුරු කර තිබෙන බව වාර්තා වෙනවා.  මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ නොවූ ආකාරයක පරාජයකට පත් වීම නිසා මැතිව්ස් වෙත බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කර තිබුණා.

මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව සහ ලංකා ක්‍රිකට් කණ්ඩායම ස්ථාවර කිරීමේ අරමුණින් මේ තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් ක්‍රීඩාවේ දී ජය පරාජය උරුම බැවින් නායකත්වයේ  පමණක් වෙනසක් සිදු කිරීම තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ රඳා නොපවතින බවත් ඇතැමුන් කියා සිටිනවා.

 තවදුරටත් ඔවුන් කියා සිටින්නේ වර්ථමාන බොහෝ ක්‍රීඩකයන් මුදල් ගැන පමණක් අවධානය යොමු කිරීම තුළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වී තරඟයක් නැරඹීම පවා එපා කරවන තැනකට ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ඔවුන් විසින් පරිවර්ථනය ඇති බවයි.

 කෙසේ නමුත් "නව නායකත්වය ලංකා කණ්ඩායමට ආශිර්වාදයක් වේවා" යන්න ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනාවයි