රෝද හයකට යට වුණු පේරාදෙණි කැම්පස් සිසුවා ජීවිතයෙන් සමුගනී ! -Photos- | Colombocall රෝද හයකට යට වුණු පේරාදෙණි කැම්පස් සිසුවා ජීවිතයෙන් සමුගනී ! -Photos- - Colombocall

Hot News

රෝද හයකට යට වුණු පේරාදෙණි කැම්පස් සිසුවා ජීවිතයෙන් සමුගනී ! -Photos-




කොස්ගම - අවිස්සාවේල්ල මාර්ගයේ හතළිස් නව වැනි කිලෝමීටර් කණුව අසලදී පෞද්ගලික බස් රථයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු යටකොට සිදුකළ මාරක රිය අනතුරකින් එම සිසුවා ඊයේ (19) ජීවිතක්ෂයට පත්වී තිබේ. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරෙහි ඉගෙනුම ලැබූ පල්ලෙබැද්ද අක්කර හැට ප්‍රදේශයේ පදිංචිව සිටි පියල් රත්නකුමාර නැමැති අවුරුදු 26ක සිසුවාය.

බස් රථය හංවැල්ල සිට අවිස්සාවේල්ල දෙසෙට ධාවනය වී ඇති අතර එම සිසුවාද එම දිශාවටම යතුරුපැදියෙන් යමින් සිට ඇත. 

විශ්වවිද්‍යාලය බලා යමින් සිටි ඔහු මෙම අනතුරට භාජනය වී ඇත. බරපතළ තුවාල ලැබූ එම සිසුවා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය කියයි.

එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (19) දින එම රෝහලේදී සිදු කෙරිණි.

පපුවට සහ හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බවද අනාවරණය වී ඇත.

 බස් රථයෙහි රියදුරු වූ කළුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ඩග්ලස් පද්මසිරි නැමැත්තා කොස්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (20) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොස්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෝමරත්න විජයමුනි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.