අළුත්ම NOAH වෑන් රථය පෙරළුණු හැටි කැමරාවේ ! VIDEO මෙන්න | Colombocall අළුත්ම NOAH වෑන් රථය පෙරළුණු හැටි කැමරාවේ ! VIDEO මෙන්න - Colombocall

Hot News

අළුත්ම NOAH වෑන් රථය පෙරළුණු හැටි කැමරාවේ ! VIDEO මෙන්න








හාලිඇල - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෝගහමලිත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් 4 දෙනෙකු ඇතුලු 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් පෙරලීමෙන් ඊයේ සවස 6.15 ට පමණ අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබුවන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම පිරිස බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඇල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් වෑන් රථය පෙරලී ගොස් ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මේ අතර වෑන් රථය මාර්ගයේ පෙරලී යන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක ද සටහන් වී තිබුනා.