ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ Light machine guns නැවත අරගනී | Colombocall ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ Light machine guns නැවත අරගනී - Colombocall

Hot News

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ Light machine guns නැවත අරගනී



ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබදව පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ සැහැල්ලූ මැෂින් තුවක්කු දෙකක් (ලයිට් මෙෂින් ගන්ස්) තමන් භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ කටයුතු කර තිබෙනවා.

එම අවි, ඝාතන කුමන්ත‍්‍රණයට යොදා ගැනීමට සැළසුම් කර තිබුණේදැයි යන්න මේ වන විට සොයා බැලෙමින් පවතින අතර, මෙය වැදගත් වන්නේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ දෛනික රාජකාරි කටයුතු සදහා මෙවැනි උසස් පරිමානයේ අවිවල අවශ්‍යතාවයක් නොමැති බැවිනි.

බම්බලපිටියේ පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ පිහිටි අවි ගබඩාවෙන් මෙම අවි ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබාදීම සඳහා නිල වශයෙන් අනුමැතිය දී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාම බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් පැවසුවේය.

 එමෙන්ම දුෂණ විරෝධී බලකායේ නායකයා ලෙස තමන් හදුන්වාගන්නා නාමල් කුමාරගේ හමුවීමට පැමිණි ඉන්දියානු ජාතිකයකු බව කියන පුද්ගලයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධරයෝ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.