ක්‍රිකට් වල කිරි දත් වැටෙන්නත් කලින් පරිනත ඉන්දියාවට තරමක දැනෙන පිතිහරඹයක නිරත වූ හොංකොන් පිළ - Highlights | Colombocall ක්‍රිකට් වල කිරි දත් වැටෙන්නත් කලින් පරිනත ඉන්දියාවට තරමක දැනෙන පිතිහරඹයක නිරත වූ හොංකොන් පිළ - Highlights - Colombocall

Hot News

ක්‍රිකට් වල කිරි දත් වැටෙන්නත් කලින් පරිනත ඉන්දියාවට තරමක දැනෙන පිතිහරඹයක නිරත වූ හොංකොන් පිළ - Highlights



ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව හා  හොංකොන් කන්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 26ක ජයක් ලැබිමට ඊයේ ඉන්දියාව සමත් වුනා.

මුලින් පන්දුවට පහර දෙමින් ඉන්දියාව විසින් ලබාදුන් ලකුනු 286ක ඉලක්කයක් අගනා ලෙස හඹා ගිය හොංකොන් කන්ඩායමෙ මැදපෙල පිතිකරුවන්ගේ අදක්ෂතාවය නොවන්නට ඊයේ තරෙඟයේ ප්‍රතිපලය මිට වඩා වෙනස් වන්නට ඉඩ තිබූ බවයි ක්‍රීඩා විචාරකයන්ගේ අදහස වුණේ.

කාසියේ වාසිය දිනු හොංකොන් කණ්ඩායමේ ආරාධනාවෙන් මුලින්ම පන්දුවට පහර දිමට පැමිණි ඉන්දිය කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදි කඩුලු 7ක් දැවි ලකුණු 285ක් රැස් කරගැනීමට සමත් වුණා.

ඉන්දිය පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක යෙදුනු ෂිකර් ධවාන් පන්දු 120ක් තුලදි ලකුනු 127ක් ලබා ගත්තා. ෂිකර් ධවාන්ට අනගි සහයක් ලබා දුන් අම්බට්ටි රායිඩු පන්දු 70 කදි ලකුනු 60ක් රැස් කළා.

ඉන්දිය පිතිකරුවන්ට සිය ඉණිමේ අවසන් පන්දු ඕවර 10 තුලදි රැස් කර ගැනිමට හැකිවුයේ ලකුණු 48ක් පමණයි.

හොංකොන් පන්දු යවන්නන් විසින් ඉන්දිය පිලේ පිතිකරුවන් පස් දෙනෙකු අවසන් පන්දුවාර 10 තුලදි දවා ගනිමින් දක්ෂ පන්දු යැවිමක නිරත වීම බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණේ ඔහුන් ක්‍රිකට් සඳහා පරිනත කණ්ඩායමක් නොවුනත් ඔහුන්ගේ තිබූ කණ්ඩායම් හැඟීම මනාව පිළිඹිඹු කිරීම නිසා විය යුතුයි.

ලකුණු 286ක ඉලක්කයක් හඹා යාමට පැමිණි හොංකොන් පිලේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල සදහා ලකුණු 174ක් රැස් කරනු ලැබුවා. ඒ පන්දු ඕවර 34ක් තුලදි.

ඉන්දිය පන්දු යවන්නන්ට හිසරදයක් වු ආරම්භක පිතිකරු අනුෂ්මාන් රාත් ලකුණු 73ක් ලබා සිටියදි පිටියෙන් ඉවත් කිරිමට කුල්දිප් යාදෙව්ට හැකි වුණා.

අනුෂ්මාන් රාත් සමගින් පිටියට පිවිසි අනෙක් ආරම්භක පිතිකරු නීසාකට් ඛාන් පන්දු 115 කදි ලකුණු 92ක් රැස්කර ගැනිමට සමත් වූ අතර, ආරම්භක පිතිකරුවන් ලබාදුන් සාර්ථක ආරම්භය මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා අවසානයේදි හොංකොන් කණ්ඩායම සිය පන්දුවාර අවසානයේදි කඩුලු 8 ක් දැවි ලකුණු 259ක් වාර්තා කිරිමට සමත් වුනා.

තරගය අවසානයේ ජාත්‍යන්තර විස්තර විචාරකයින් මෙන්ම ඉන්දිය පිලේ නායක රෝහිත් ෂර්මා පවා හොංකොන් කන්ඩායම ඊයේ පැවති  තරගයේ දැක්වු දස්කම් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටියේ ඔහුන්ට තරඟය, තඟයක් ලෙස දැණුනු නිසා විය යුතු බවයි බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ.
ඊයේ පැවති තරඟයේ Highlight