රුපියල මස්ත බාල්දුයි! - බන්දුල ආණ්ඩුවට දොස් නගයි | Colombocall රුපියල මස්ත බාල්දුයි! - බන්දුල ආණ්ඩුවට දොස් නගයි - Colombocall

Hot News

රුපියල මස්ත බාල්දුයි! - බන්දුල ආණ්ඩුවට දොස් නගයි





ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ(17) මධ්‍යම රාත්‍රී 12 පසුවන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 167 දක්වා වර්ධනය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටිනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද(18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනුයි.

මේ ලෙසින් රුපියල මස්ත බාල්දු වන අස්ථාවකදී ද ජනතාවට උසුලා ගත නොහැකි බදු බරක් පටවමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ වන විටසිනී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 18.50ක අමතර බද්දක් පනවා ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.