ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අකිල ධනංජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යයි | Colombocall ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අකිල ධනංජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යයි - Colombocall

Hot News

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අකිල ධනංජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යයි



 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අකිල ධනංජය හෙට (16) දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. සිය බිරිදගේ පළමු දරු ප‍්‍රසූතිය හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට හැකියාව ලැබුණේ නැහැ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර ඩුබායිහිදී අද (15) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.  ඒ.  ඩුබායි ක්‍රිඩාංගණයේදීයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5 ට ආරම්භවනවා.

ශ්‍රී ලංකාව ආසියානු කි‍්‍රකට් තරග ඉතිහාසයේ මේ දක්වා එක්දින තරග 48 කට  ක්‍රිඩා කර තිබෙනවා. ඉන් ශ්‍රී ලංකාව තරග 31 ක් ජයගත් අතර තරග 16 ක් පරාජයට පත් වුණා. බංග්ලාදේශය ආසියානු කි‍්‍රකට් තරග ඉතිහාසයේ සහභාගි වී ඇති එක්දින තරග සංඛ්‍යාව 42 ක්. ඔවුන් ඉන් ජයගෙන ඇත්තේ තරග 7 ක් පමණයි. තරග 35 ක් බංග්ලාදේශය පරාජයට පත්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්වා ඇති ආසියානු එක්දින කි‍්‍රකට් තරග සංඛ්‍යාව 12 ක්. ඉන් තරග 11 ක ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ආසියානු තරග ඉතිහාසයේ ජයග‍්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. බංග්ලාදේශය මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එම සටහනේ 8 වන ස්ථානයේ පසුවනවා.