ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි - නඩු විභාගය අවසන් වන තුරුම රක්ෂිත බන්ධනාගාරයට | Colombocall ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි - නඩු විභාගය අවසන් වන තුරුම රක්ෂිත බන්ධනාගාරයට - Colombocall

Hot News

ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි - නඩු විභාගය අවසන් වන තුරුම රක්ෂිත බන්ධනාගාරයට



සතොස මුදල් රුපියල් මිලියන 5.2 ක් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව ‍රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළා .

මෙම නඩුව සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ පසුගිය සැප්තැම්බර් මස 3 වනදා නියෝග කළේ.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ විත්තිකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින්.

කුරුණෑගල මහාධිකරණය මගින් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා තිදෙනා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කළ නියෝගය අවලංගු කොට ඇප මත මුදාහැරීමට ලෙසට මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුනා.

මොවුන්ට එරෙහිව නීතිපති චෝදනා ගොනුකර  තිබුණේ කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ තොගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි සිද්ධියකට අදාලවයි.