අර්ජුනගෙන් දයාසිරිට කනේ පහරක්! | Colombocall අර්ජුනගෙන් දයාසිරිට කනේ පහරක්! - Colombocall

Hot News

අර්ජුනගෙන් දයාසිරිට කනේ පහරක්!





ඉතා ඉහල මට්ටමක තිබු ජාත්‍යන්තරය ජයගත් ක්‍රිකට් ක්‍රීඩාව පවතින ආණ්ඩුව විනාශ කල බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටිනවා.

අද (24) පැවැති උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ ලබන පරාජයන් ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා මේ ආණ්ඩුව. ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ. ඔහු තමයි බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ. අද දයාසිරි කියන්නේ බුකිපාලගේ කතා. ඒ නිසා දයාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනී බුකිසිරි කියලා. ඒක නවත්වන්න ලැබෙන්නේ නැහැ. 2019 ලෝක කුසලානය අපිට ලේසි වෙන එකක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට බුකීසිරි වගකිව යුතුයි.. "වශයෙන් දැඩි ලෙස දෝශාරෝපනය කරමින් ඒ මහතා මාධ්‍යවෙත පිළිතුරු ලබා දෙනු ලැබුවා.

එම මාධ්‍ය නිවේදනයේ ලිපි කොටස පහතින්...