"උඩින් බෝම්බ දානවා කියලා තොරතුරු ලැබුණා රජයට, ඒ නිසා තමයි ඒ අය රටින් ගියේ" "අවසාන සති දෙකේදී මමයි වැඩ බලපු ආරක්ෂක ඇමති" ජනපතිගෙන් ආන්දොලනාත්මක ප්රකාශයක්
යුද්ධයේ අවසන් සති දෙකේදී හිටපු ජනපති, අගමැති, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරයා රටේ නොසිටි හේතුව පැහැදිළි කරමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී ශ්රී ලාංකිකයන් හමුවේ දී ආන්දොලනාත්මක ප්රකාශයක් සිදු කළා.
එහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපති වරයා කියා සිටියේ යුද්ධයේ අවසන් සමයේ එල්.ටී.ටී.ඊ. ය කොළඹට ප්රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබූ බවත්, මේ මේතුවෙන් යුද්ධයේ අවසන් සති දෙකේදී හිටපු ජනපති, අගමැති, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරයා රට හැර ගිය බවයි.
ජනාධිපති වරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළා
"යුද්ධයේ අවසන් සති දෙක තුළ සියලු දේ පිළිබඳව කරුණු දන්නා කෙනා මමයි. අවසාන සති දෙකේදී මමයි වැඩ බලපු ආරක්ෂක ඇමති. හිටපු ජනපතිතුමා ලංකාවේ නෑ. හිටපු අගමැතිතුමා නෑ, හමුදාපතිවරයා නෑ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නෑ අවසාන සති දෙකේදී.
මේ ගැට හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටින් ගියේ ඇයි කියලා හුඟදෙනෙක් දන්නේ නෑ. මම දන්නවා. අවසාන සති දෙකේදී ලැබුණ වාර්තාව තමයි අවසන් සටන පසු බසින්නේ නෑ එල්.ටී.ටී.ඊ.ය දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉදලා කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දානවා කියලා තොරතුරු ලැබුණා රජයට. ඒ නිසා තමයි ඒ අය රටින් ගියේ. මේක තමයි ඇත්ත කතාව.අවසන් සති දෙකේදී මම හිටියේ කොළඹ නෙමෙයි. මම හිටියේත් තැන් තැන්වල. මොකද මම ඉන්න තැනත් දැගන්නවා. ඒක තමයි යුද්ධයේ අත්දැකීම”