"රශීඞ් ඛාන්" ලොව අංක එකේ තුන් ඉරියව් ක්රීඩකයා බවට පත් වෙයි !
එක්දින ක්රිකට් පිටියේ ලොව අංක එකේ තුන්ඉරියව් ක්රීඩකයා බවට පත්වීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ රශීඞ් ඛාන් සමත්වී තිබෙනවා. ඒ, අවසන් වූ ආසියානු ක්රිකට් තරගාවලියේදී දක්ෂතා මතයි.
මෙතෙක් ලොව අංක එකේ තුන්ඉරියව් ක්රීඩකයා බවට පත්ව සිටි බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
එක්දින පිටියේ ලොව හොඳම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ ද රශීඞ් ඛාන්ටයි.