කොල්ලුපිටිය සුප්‍රසිද්ධ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා තායි කතුන් පිරිසක් අත්අඩංගුවට | Colombocall කොල්ලුපිටිය සුප්‍රසිද්ධ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා තායි කතුන් පිරිසක් අත්අඩංගුවට - Colombocall

Hot News

කොල්ලුපිටිය සුප්‍රසිද්ධ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා තායි කතුන් පිරිසක් අත්අඩංගුවට

කොල්ලුපිටිය සුප්‍රසිද්ධ සම්බාහන මධ්‍යස්ථානයක සිටි කාන්තාවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාවන් තායි ජාතික කාන්තාවන් වන අතර වැටලීම සිදු කර ඇත්තේ ආගමන විගමන දෙපර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකය විසින්.

සංචාරක වීසා මත මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස රැකියාවල නිරතවීම යටතේ මෙම කාන්තාවන් අත්අඩංගුවට පත්ව ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ මෙම එක් කාන්තාවක් මසකට රුපියල් ලක්ෂ දෙකක පමණ වැටුපක් ලබන බවටයි.

කොල්ලුපිටිය සමුද්‍ර මාවතේ ස්ථානයක මෙම සුප්‍රසිද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේ අදාළ මධ්‍යස්ථානයේ හිමිකරු හෝ කළමණාකරු සිට නොමැති බවත් සඳහන්. ඔවුන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද අදාළ නිලධාරීන් දැනුම් දී තිබෙනවා.