හිටපු ජනපති සහ ට්‍රම්ප් අතර විශේෂ හමුවක්! | Colombocall හිටපු ජනපති සහ ට්‍රම්ප් අතර විශේෂ හමුවක්! - Colombocall

Hot News

හිටපු ජනපති සහ ට්‍රම්ප් අතර විශේෂ හමුවක්!





හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්චාවක් සඳහා ඇමරිකානු රජයෙන් ආරාධනාවක් ලැබී තිබෙනවා. ඉදිරි මාස කිහිපය ඇතුලතදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි  මාර්ග පවසනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපති ඇතුළු එරට රාජ්‍ය තාන්ති‍්‍රකයින් ද හමුවීමට නියමිතයි.

පසුගියදා හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං අතර පැවති සාකච්ඡාවේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිබඳව සාකච්ඡා ඇති වූ බව අනාවරණය වී තිබෙනවා. හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ඉදිරි කටයුතු පිළිබඳව විමසා ඇති බවයි වාර්තා වන්නේ.