රටින් තුරන් කල බරවා ගාල්ලෙන් හිස ඔසවයි - සරළ විධියට හිතන්න එපා දැඩිව සිතට ගන්න | Colombocall රටින් තුරන් කල බරවා ගාල්ලෙන් හිස ඔසවයි - සරළ විධියට හිතන්න එපා දැඩිව සිතට ගන්න - Colombocall

Hot News

රටින් තුරන් කල බරවා ගාල්ලෙන් හිස ඔසවයි - සරළ විධියට හිතන්න එපා දැඩිව සිතට ගන්න



බරවා රෝගය නැවතත් හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාව  වාර්ථා වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයෙන්. බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදී ඇති සහතිකය පවා නොලැබීමේ අවදානමක් පවතින බවයි ගාල්ල දිස්ත්‍රික් බරවා රෝග මර්දන ඒකකය බාර වෛද්‍ය මංජුල පුංචිහේවා මහතා කියා සිටියේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ක්‍රික් බරවා රෝග මර්දන කමිටුව අමතමින් ඒ මහතා මෙලෙස පැහැදිළි කළා.


"ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බරවා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. රුධිර සාම්පල පරීක්ෂාවෙන් පෙනෙනවා රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව.  ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙලෙස රෝගීන් වාර්තාවුවහොත් මෙම සහතිකය නොලැබිමේ අවදානමක් ද තියෙනවා. බරවා රෝගය ගැන සරල විධියට හිතන්න එපා. එය ඉතාම දුක්ඛදායක රෝගයක්. මේ රෝගය වැළඳුන කෙනෙක් ජීවිත කාලයම දුක් විඳින්න වෙනවා. ඩෙංගු රෝගයටත් වඩා බරවා රෝගය අවදානම්. මේ නිසා මේ සම්බන්දව දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

රෝගින් වැඩිපුර වාර්තා වෙන්නේ දිස්ත්‍රික්කයේ වෙරළබඩ කළාපයෙන්, එනම් හබරාදුව සිට බෙන්තොට දක්වා කළාපයේ රෝගීන් වැඩිපුර හමු වෙනවා. බලපිටිය හා හබරාදුව ප්‍රදේශවල රෝගීන් වැඩිපුර හමුවුණා. වැසිකිලි වලවල් සහ අපිරිසිදු කාණු වල තමයි මෙම මදුරුවන් වැඩිපුර බෝවන්නේ, අප දැනට ගෙවල් 5000ක් පමණ පරීක්ෂා කර බලා තියෙනවා. එයින් සියයට 80ක පමණ වැසිකිලි වලවල් කැඩිලා.

රාත්‍රී රුධිර සාම්පල පරීක්ෂාවට සහයෝගය දීම වැදගත් වෙනවා. කකුල් ඉදිමුණ රෝගීන් බරවා රෝග සායනයන් වෙත සහභාගී වීම අවශ්‍ය වෙනවා. අහංගම හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සෑම සඳුදා දිනකම මෙම සායන පැවැත්වෙනවා."