"ජන බලය" යනු නාමල් ව දේශපාලනිකව අඩපණ කිරීමට බැසිල් සිදු කළ ගේමක් ! විස්තරය මෙන්න | Colombocall "ජන බලය" යනු නාමල් ව දේශපාලනිකව අඩපණ කිරීමට බැසිල් සිදු කළ ගේමක් ! විස්තරය මෙන්න - Colombocall

Hot News

"ජන බලය" යනු නාමල් ව දේශපාලනිකව අඩපණ කිරීමට බැසිල් සිදු කළ ගේමක් ! විස්තරය මෙන්න

   




දේශපාලනයේදී " සංයමය" සහ " නිවැරදි තීරණ ගැනීම" අනිවාර්ය කාරණා දෙකක් වෙනවා.ලංකාවේ බහුතරයක් දේශපාලන නායකයින් මේ ගැන ඉතා අඩු අවධානයක් යොමු කිරීම නිසා බොහෝ වෙලාවට සමාජයෙන් අපහාස විඳීමට සිදු වෙනවා.

  නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවැත් වූ " ජන බලය" රැලිය තුළින් ද දිස් වූයේ සැලැස්මක් නොමැතිව කාලය නාස්ති කිරීමක් බව බොහෝ තැන වලින් අසන්නට ලැබුණා.

  ඊයේ(05)දින දහවල් වන තුරුම නිශ්චිත ස්ථානයක් නොමැතිව තිබියදී බස් ,වෑන් වලින් සහ දුම්‍ රියෙන්  පෙ.ව 10.00 පමණ වන විට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලට විරෝධතාකරුවන් පැමිණෙන බව දැන, බොහෝ පෞද්ගලික ආයතන වල දුර බැහැර සිට පැමිණෙන තරුණියන් දිවා ආහාරය ගැනීමටත් පෙර නිවෙස් බලා යාමට ආයතන ප්‍රධානින්  ඉඩ දුන් බව වාර්තා වුණා.

    එසේ යාමට අවස්තාව නොලැබුණු පිරිස් තම රාජකාරී කටයුතු නිමා කර  නිවෙස් බලා යාමට 2ක්ම් ,3ක්ම් පමණ පයින් ගිය අයුරු දැකගන්නට ලැබුණා.එසේ වූයේ කොළඹ කොටුව අවට මාර්ග සියල්ලම විරෝධතාකරුවන් අවහිර කිරීම නිසයි.

         මේ සියල්ල පසුපස නාමල් රාජපක්ෂ දේශපාලනිකව අඩපණ කිරීමට බැසිල් රාජපක්ෂගේ අදිසි හස්තය ක්‍රියාත්මක වී ඇති බව ඒකාබද්ධයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තුළින් හෙළි වී තිබෙනවා .   නාමල් මේ මොහොතේ සිටින්නේ "මහින්ද රාජපක්ෂ " ගේ පාක්ෂිකයින් සියලු දෙනාම  තමාගේ භාරයේ බව සිතා කටයුතු කරන තත්වයකයි.

  එය හොඳාකාරවම දැන සිටින වසර ගණනාවක දේශපාලන අත්දැකීම ඇති බැසිල් රාජපක්ෂ ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් නාමල්ට ඔහුගේ සංවිධාන හැකියාව ලංකාව ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබාදීම තුළ සිදු වූයේ නාමල් රාජපක්ෂ යනු සැලැස්මකට අනුව වැඩක් කරගත නොහැකි " මෝඩ තරුණයෙක්" බවට සමාජය ඉදිරියේ නිරුවත් වීම පමණි.


රැලිය අවසානයේ ජනතාව දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.