පුද්ගලයෙකුට පහර දී රන් භාණ්ඩ කොල්ල කෑවයි එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට! | Colombocall පුද්ගලයෙකුට පහර දී රන් භාණ්ඩ කොල්ල කෑවයි එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට! - Colombocall

Hot News

පුද්ගලයෙකුට පහර දී රන් භාණ්ඩ කොල්ල කෑවයි එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට!





අඟුනුකොලපැලැස්ස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඉරේෂ් ඒකනායක මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුද්ගලයෙකුට පහර දී රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධවයි.

මිද්දෙණිය - දඹරැල්ල අලුත්වෑගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු තමාට පහර දුන්නා යැයි පොලිසියට කල පැමිණිල්ලක් හේතු කොට ගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. තමා විසින් පවත්වාගෙන යන පස් වැඩපලේ පුද්ගලයෙකු සදහා මුදල් ගෙවීමට යාමේදී මන්ත්‍රීවරයා පැමිණ තමාට පහර දී මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කා පළා ගිය බවයි වැඩි දුර විමසීමේදී එම ව්‍යාපාරිකයා කියා සිටියේ.

පොලීසිය විසින් පෙරේදා (11) රාත්‍රියේදී එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (14) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගැනුනා.