පියාඹන "හම්බාවෙකු" ගෝනගම ගෙවත්තකින් හමු වෙයි | Colombocall පියාඹන "හම්බාවෙකු" ගෝනගම ගෙවත්තකින් හමු වෙයි - Colombocall

Hot News

පියාඹන "හම්බාවෙකු" ගෝනගම ගෙවත්තකින් හමු වෙයි



ඉතා කළාතුරකින් දක්නට ලැබෙන  "හම්බාවෙකු" අද (13) නිකවැරටිය වනජීවි නිලධාරීන් විසින් ගෝනගම ප්‍රදේශයේ ගෙවත්තක සිටිය දී සොයාගෙන තිබෙනවා. හම්බාවා හමුවනවිටත් අනතුරකට පත්ව සිට ඇති අතර, මෙම සත්වයා මේ වන විට  නිකවැරටිය  පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කර ඇති බවයි එම නිළධාරීන් සඳහන් කළේ.

මෙම දුර්ලභ ඝනයේ හම්බාවා නැමති සත්වයාගේ විශේෂ වන්නේ උස් තුරු මුදුන් වල සිට පහලට පැමිණෙන්නේ පියාඹන කුරුල්ලෙකු ආකාරයෙන් වීමයි. ඌගේ පාද වල ඊට ආවේණික වූ බැඳි පටක පිහිටා ඇති අතර, ඉතා කලාතුරකිනුයි මෙම සත්වයන් දැකගත හැකි වන්නේ.