දශක ගණනාවකට පසු දකුණු කොරියානු නායකයෙක් උතුරු කොරියාවේ අගනුවරක සංචාරයක | Colombocall දශක ගණනාවකට පසු දකුණු කොරියානු නායකයෙක් උතුරු කොරියාවේ අගනුවරක සංචාරයක - Colombocall

Hot News

දශක ගණනාවකට පසු දකුණු කොරියානු නායකයෙක් උතුරු කොරියාවේ අගනුවරක සංචාරයක



දශක ගණනාවකට පසු දකුණු කොරියානු නායකයෙක් උතුරු කොරියාවේ අගනුවරක සංචාරය කළ පළමු අවස්ථාව ඊයේ සිදු වුණා. ඒ  දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් සහ ඔහුගේ බිරිඳ තෙදින සංචාරයක් සඳහා  ඊයේ (18) උතුරු කොරියාවට පැමිණි අවස්ථාවේ දීයී.  දෙරට අතර අඩාලවී ඇති න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා පිළිබඳ සංවාදයක නිරතවීමේ අරමුණ මෙම සංචාරයේ එක් ප්‍රධාන අරමුණක්.

එහි දී දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් සහ ඔහුගේ බිරිඳ නගරය පුරා විවෘත රියකින් චාරිකා කළ අතර, මෙම අවස්ථාවේ දී  උතුරු කොරියානුවන් දහස් ගණනක් මල් අතැතිව  විවිධ පාඨ කියමින් සිය සුභාශීංෂන පල කළ බවයි එරට මාධ්‍ය වාර්ථා පෙන්වා දෙන්නේ.


ජනපති මූන් උතුරු කොරියානු නායකයා හමුවූ තෙවෙනි අවස්ථාව මෙය විය. පසුගිය අප්‍රේල් මාසයේ දෙරට දේශසීමාවේදී ඔවුන්ගේ පළමු ඓතිහාසික හමුව පැවැත්විණි.

මෙම හමුවේදී කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික තර්ජන අඩු කිරීමේ ප්‍රයෝගික පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට නායකයින් අපේක්‍ෂා කරනවා.

මිත්‍රත්වය නැවත ගොඩනගා ගැනීම සහ අමෙරිකාව සහ උතුරු කොරියාව අතර එකඟත්වයක් ඇතිකරලීමට මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීම දකුණු කොරියාවේ අරමුණයි.

උතුරු කොරියාව මෙම වසරේදී දකුණු කොරියාව සහ ඇමරිකාව සමග පෙර නොවූ විරූ අයුරින් සාකච්ඡා මාලාවක් ඇරඹුවද, දෙපාර්ශ්වයම ඉතා සාමාන්‍ය එකඟතාවලට පමණක් එළඹෙමින් වොෂිංටනය සමග පැවති සාකච්ඡා අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අමෙරිකාව සමග සාකච්ඡාවලදී මැදිහත්කරු ලෙස කටයුතු කරමින් අන්තර් කොරියානු සබඳතා වර්ධනය කිරීම දකුණු කොරියානු ජනපතිවරයාගේ අපේක්‍ෂාවයි