“අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ගත්ත පින්තූර ටික තමයි” සාරංගයි උමාලියි නැවතත් ඇවිලෙයි | Colombocall “අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ගත්ත පින්තූර ටික තමයි” සාරංගයි උමාලියි නැවතත් ඇවිලෙයි - Colombocall

Hot News

“අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ගත්ත පින්තූර ටික තමයි” සාරංගයි උමාලියි නැවතත් ඇවිලෙයි




කාලයක් තිස්සෙ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රෙයත් සොඳුරුතම පෙම් යුවල උනේ සාරංග සහ උමාලි..  කාගෙත් කතා බහට ලක් වූ සාරංග හා උමාලි  මේ වෙද්දි දෙන්නා වෙන් වෙලා කියන එකනම් රහසක් නෙමෙයි.. දෙන්නා වෙන් වෙලා වෙන වෙනම තමයි මේ වෙද්දි ජීවත් වෙන්නෙග නීතියෙන් වෙන් වීමක් ගැන නම් මේ වෙද්දිත් ආරංචියක් ලැබිලා නෑ..


 උමාලිගේ සහ සාරංගගේ විවාහය ගැන නැවත සමාජ ජාලා මාධ්‍ය තුල කතාබහක් ඇති වී තිබෙනවා.  ඒ උමාලි තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරපු සටහනක් නිසා.



මේ ඇය දැමූ සටහනයි.

ඕගොල්ලෝ දන්නවද මම කසාද බැඳපු දවසේ, එක්කෙනෙක් කිව්වා “අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ගත්ත පින්තූර ටික තමයි” කියලා. ඉතින් මම ඒ ගැන ටිකක් කල්පනා කළා… හැමෝටම ඒ වගේ තමයි. ඒකේ තියෙන හොඳ දේ තමයි, පින්තූරයක් අපි ගාව තියෙනකම් තමයි ඒකෙන් හොඳ හරි නරක හරි මතකයන් අපිට ලඟා කරන්නේ. කිසිම දෙයක් හැමදාම තියෙන්නේ නෑ. මොකද, කිසිම දේකට හැමදාම බෑ.
ඒක තමයි ජීවිතයේ සුන්දර ඇත්ත. ඔයා හිතන හැම මොහොතකම ඔයා ජීවත් වෙනවා. මේ ඔක්කොම අපූරු හීනයක්, ඔයාට ලඟා කරගන්න හැකියි කියල හිතෙන…
ඒ නිසා බුද්ධිමත් වෙන්න. තමන්ව මෝඩයෙකුගේ තත්ත්වයට පත් කරගන්න එපා.
වෙනත් දේවල් වලට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්ව විශ්වාස කරද්දී පරිස්සම් වෙන්න. තමන්ගේ වෙනස්වීම පිළිගන්න බැරි කෙනෙක්ව විශ්වාස කරද්දී පරිස්සම් වෙන්න.
තමන්ගේ රැකියාවට මුල් තැන දෙන කෙනෙක් ගෙන් පරිස්සම් වෙන්න.
පොරොන්දු ගොඩක් දෙන ඒත් තමන් දීපු වචනය වෙනස් කරන්න ඉඩ ඉල්ලන කෙනෙක්ගෙන් පරිස්ස්සම් වෙන්න.
ජීවිතේට මොහොතකටවත් දැකපු නැති කෙනෙක් ගැන කියවන කෙනෙක්ගෙන් පරිස්සම් වෙන්න.
තමන්ගේ වැරදි තියාගෙන අනුන්ට බනින කෙනෙක්ගෙන් පරිස්සම් වෙන්න. ඔයාට දැනෙන ඒත් ඔයා මඟ හරින කටුක හැගීමෙන් පරිස්සම් වෙන්න. ඒ ඔක්කොටම වඩා තමන් ඇතුලේ ඉන්න මිත්‍යාවට, මනක්කල්පිතයට රැවටුණු අනුවණයාගෙන් පරිස්සම් වෙන්න.
ජීවිතයෙන් පරිස්සම් වෙන්න. ජීවිතය ඉක්මනින බිඳෙන සුළු කටුක දෙයක්…


මෙයට පිළිතුරු දෙමින්  සාරංග මුහුණු පොතේ මෙලෙස සටහන් කර තිබෙනවා


"ඉතාම වටිනා කියන උපදෙස් ටිකක්. අවාසනාවකට වගේ වැදගත්ම දෙයක් අමතක වෙලා. අවුරුදු 3 කට කලින් වෙච්ච දෙයක් නිසා අමතක වෙලා ඇති. පව්. මට මතක් කරලා දුන්න නිසා මාත් මතක් කලාට කමක් නැති නිසයි මතක් කරන්නෙ..

වැදගත්ම අවවාදය : "කාන්තාවනි, ඔබේ සැමියා නිවසේ නැති අතරේ, ඔබේ අනියම් පෙම්වතාව කිසිම විටක ඔබේම නිදන කාමරයට ගෙන්වා ගන්න එපා. මන්ද නොහිතන මොහොතක සැමියා එතනට පැමිණීමෙන් ඔබ අපහසුතාවයට පත්විය හැකි නිසා"