නැටුම් කණ්ඩායම් දෙකේ මතගැටුම පිහි ඇණුමකින් කෙළවර වෙයි | Colombocall නැටුම් කණ්ඩායම් දෙකේ මතගැටුම පිහි ඇණුමකින් කෙළවර වෙයි - Colombocall

Hot News

නැටුම් කණ්ඩායම් දෙකේ මතගැටුම පිහි ඇණුමකින් කෙළවර වෙයි

නැටුම් කණ්ඩායම් දෙකක් අතර ඇතිවු මත ගැටුමක් දුරදිග ගොස් ඊයේ (12) රාත්‍රියේ පිහි ඇණුමක් සිදුව තිබෙනවා. 

මොරටුව ලුනාව ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ පැවත්වු වාර්ශික පෙරහැර අවසානයේදී පෙරහැර සඳහා සහභාගි වු නර්තණ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම ඇති වී තිබුණා.

මෙම පිහි ඇනුම හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා ලුනාව හා කළුබෝවිල යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. 
මෙම සිදුවීම සම්බන්ධයෙන් එක් නැටුම් කණ්ඩායමක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මොරටුව පොලිස්ථානය විසින් සිදුකරනු ලබනවා.