ඉදිරි මැතිවරණයන්හිදී ආණ්ඩු බලය එජාපයට! | Colombocall ඉදිරි මැතිවරණයන්හිදී ආණ්ඩු බලය එජාපයට! - Colombocall

Hot News

ඉදිරි මැතිවරණයන්හිදී ආණ්ඩු බලය එජාපයට!





ජේ.ආර්. ජයවර්ධනයන් විසින් පාක්ෂිකයන්ට ප්‍රතිලාභ ලබා දුන් ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව පාක්ෂිකයන්ට සහන ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටිනවා.

අද අද (17)  දිනයට නියමිත හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ පවත්වනු ලැබූ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමෙන් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියා.

1994 වසරට පසුව රාජ්‍ය නායකත්වය සමග ශක්තිමත් බලයක් එක්සත් ජාතික පක්ෂයට නොලැබුණු බව ද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා. ඉදිරි මැතිවරණ තුල තම පක්ෂය ආණ්ඩු බලය ලබා පාක්ෂිකටයන්ට සලකන බව මෙහිදී මහ ලේකම්වරයා දිවුරා කියා සිටියා.