නාලක ද සිල්වා පිළිබඳව නාමල් කුමාරගෙන් තවත් ආන්දොලනාත්මක හෙළිදරව්වක් | Colombocall නාලක ද සිල්වා පිළිබඳව නාමල් කුමාරගෙන් තවත් ආන්දොලනාත්මක හෙළිදරව්වක් - Colombocall

Hot News

නාලක ද සිල්වා පිළිබඳව නාමල් කුමාරගෙන් තවත් ආන්දොලනාත්මක හෙළිදරව්වක්



 නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දැනුවත්ව ත්‍රස්ත්‍රවාදී ක්‍රියා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රංශයේ සිටින පුද්ගලයකුගෙන් මුදල් ආධාර ලැබුණු බවට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ අලව්ව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්තුණයක් පිළිබඳ  දුරකථන සංවාද කිහිපයක් සම්බන්ධයෙන් සි.ඩී තැටියක් ද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් අතර, ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී එම සි.ඩී තැටියේ ඇතුලත් වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කලකට පෙර ඔහුට කළ තර්ජනයකට අදාළ හඬ පටයක්ද මාධ්‍යට නිකුත් කළා.

තවද, නැගෙනහිර පළාතේ මුස්ලිම් සහ දෙමළ ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රංශයේ සිටින ඩයස්පෝරාවට හිතවත් පුද්ගලයකුගෙන් ලැබුණු මුදල් වලට අදාළ චෙක්පත් කිහිපයක් සහ රිසිට් පත් කිහිපයක්ද ඔහු මෙහිදී මාධ්‍යට ලබා දුන්නා.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමඟ සිදු කළ තවත් දුරකථන සංවාදයක්ද එහිදී ඔහු ඉදිරිපත් කළා.

එමෙන්ම විහාරස්ථානයක පැවැත්වෙන උත්සවයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාරපක්ෂ හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජකක්ෂ යන මහත්වරුන් අතරින් අයෙකු ගෙන්වා ගැනීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් ද නාමල් කුමාර මහතා මෙහිදී අදහස් පළ කළා.