රාලහාමිගේ හදිස්සියට කොටු මාරුවෙලා | Colombocall රාලහාමිගේ හදිස්සියට කොටු මාරුවෙලා - Colombocall

Hot News

රාලහාමිගේ හදිස්සියට කොටු මාරුවෙලා


පාසලේ සේවය කරමින් සිටියදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේ බිරිය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බව දන්වමිනි. කලබලයට පත් ඔහු වහාම නිවාඩු දමා යතුරුපැදියට නැග්ගේ කඩිනමින් රෝහලට යාමටය. නගරය මැදදී පොලිස් නිලධාරියකු යතුරුපැදිය නතර කළේ එහි වේගය වැඩි බව පවසමිනි. “ටවුන් එකේ යන වේගය දන්නෙ නැද්ද?” කියූ ඔහු දඩ කොළයක් ලියූ අතර ඔහු එය රැගෙන සාක්කුවේ දමා ගත්තේය. 


රෝහලට ගොස් බිරියගේ රෝගී තත්ත්වය සොයා බැලූ ඔහු තමාට දුන් දඩ කොළය ද සාක්කුවෙන් ගෙන බැලූ විට තරු පෙනිණි. එහි වූයේ පදවාගෙන ගිය වෑන් රථයේ බලපත්‍රය හා රක්ෂණ සහතිකය නැති නිසා දඩ ගසන බවකි. 

පසුදාම පොලිසියට ගොස් අදාළ නිලධාරියා හමුවී මේ ගැන කී විට දඩ කොළය පරීක්‍ෂා කළ ඔහු “හත් දෙයියනේ මට ලකුණු කරන කොටුව මාරුවෙලා” කියමින් සුළු දඩයක් ගසා ඔහු ආපසු පිටත් කිරීමට කටයුතු කළේලු.
(තිහගොඩ උපසේන ලියනගම)