ජනප්‍රිය ගායක දමිත් අසංක රක්ෂිත බන්ධනාගාර ගතකරයි - මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්නයි අධිකරණයෙන් නියෝග
වැල්ලවායේ පිහිටි නිවසේදී මත්ද්‍රව්‍ය භාවිත කර කලහකාරීව හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක දමිත් අසංක ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරීමට අද නියෝග කෙරුණා. ඒ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ දීයි
ඊයේ රාත්‍රී වැල්ලවායේ පිහිටි නිවසේදී මත්ද්‍රව්‍ය භාවිත කර කලහකාරීව හැසිරීම හේතුවෙන් අසල්වාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දී තීබූ අතර, සිද්ධිය සම්බන්දයෙන් ඔහුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
කෙසේ වෙතත් ගායක දමිත් අසංකව හෙට මානසික වෛද්‍යවරයෙකු වෙතට ද ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.