බංගලාදේශය මෙල්ල කළ පෙරළිකාර උපන්දින කුමාරයා! | Colombocall බංගලාදේශය මෙල්ල කළ පෙරළිකාර උපන්දින කුමාරයා! - Colombocall

Hot News

බංගලාදේශය මෙල්ල කළ පෙරළිකාර උපන්දින කුමාරයා!






ආසියානු කුසලානයේ කාණ්ඩ අංශයෙන් පැවති අවසන් තරඟයෙන් බංගලාදේශය පරදවා ලකුණු 136 ක විශිෂ්ට ජයක් හිමි කරගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (20) සමත් වුනා.

දෙරට අතර පවතී තරඟය ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබු ඩාබි නුවර Sheikh Zayed Stadium හි ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.00 ආරම්බ කරනු ලැබුවා. කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන නායකයා මුලින් පන්දුවට පහර දීමට තීරණය කර නමුත් එහිදී ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට බංගලාදේශ පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. තරගයේ 40 වන ඕවරය දක්වා සිය අණසකට නතුකර ගෙන තිබු බංග්ලිදේශ පන්දු යවන්නන් පිතිකරුවන් අසරණ කිරීමට සමත්වනු ලැබුවා. නමුත් අවසන් පන්දුවාර 10 තුලදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් ලකුණු 97ක් ලබා ගැනීම හේතුවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 255ක් වර්තා කිරීමට හැකියාව ලැබුනා.

සිය 20 වන උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබුණු වාසනාව තමා වෙත නතු කරගනිමින් ඇෆ්ගනිස්ථාන පිලේ තුන් ඉරියවුවෙන්ම දස්කම් පාන ක්‍රීඩක රෂිඩ් ඛාන් පන්දු 32 කදී වේගවත් ලකුණු 52 ක් රැස් කර ගත්තේ කඩා වැටුණු ඇෆ්ගනිස්ථාන ඉනිම ශක්තිමත් කරමින්. ඔහුට අනගි සහයක් ලබාදුන් ගුලාබ්දින් නායිබ් පන්දු 38 කදී ලකුණු 42ක් රැස්කර ගනු ලැබුවා. ඊට අමතරව හස්මතුල්ලා ශාහිඩි පන්දු 92 කදී ලකුණු 58 ක් ලබා ගනු ලැබුවා.

ලකුණු 256 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට මුල සිටම සාර්ථක වීමට ඉඩ නොදුන් ඇෆ්ගන් පන්දු යවන්නන් තරගය සිය පාලනයට නතුකර ගනු ලැබුවේ ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් බංග්ලාදේශ ඉණිම පන්දුවාර 42.1 කදී ලකුණු 119 කට සිමා කිරීමට සමත් වුවා.

බංගලාදේශ ඉනිම වෙනුවෙන් ෂකිබ් අල් හසන් (32), මහමදුල්ලා (26) සහ මොසැඩක් හුසේන් (27*) යන ක්‍රීඩකයන් හැරෙන්නට අනෙක් පිතිකරුවන් 8 දෙනාට ලකුණු 10 ක් රැස් කර ගැනීමටත් පෙර යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්.

තරඟයේ වීරයා ලෙස සම්මාන උපන් දින කුමාරයා වූ දක්ෂ ක්‍රීඩක රෂිඩ් ඛාන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ හැරවුම් ලක්ෂය බවට විද්වතුන් අදහස් ප්‍රකාශ කර සිටියා. කණ්ඩායම් වගකීම තනිවම තම කරපිට තබාගෙන යමින් සිටින ඔහු අනාගතයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මහත් වෙනසක් කරනු ඇති බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ.

මේ අනුව බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයට පිවිසීමට සමත් වූ අතර එහිදී බංග්ලාදේශ කණ්ඩායම ප්‍රභල ඉන්දියානු කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිත අතර  ඇෆ්ගනිස්ථානු කණ්ඩායම පකිස්ථානය සමග තරඟ වැදීමට නියමිතයි.