කිලෝ සියයකට අධික බරින් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැල්ලවත්ත ගල් පර අතරට වීසිකරලා | Colombocall කිලෝ සියයකට අධික බරින් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැල්ලවත්ත ගල් පර අතරට වීසිකරලා - Colombocall

Hot News

කිලෝ සියයකට අධික බරින් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැල්ලවත්ත ගල් පර අතරට වීසිකරලා



 වැල්ලවත්ත ශ්‍රී උපනන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අයත් යැයි සැළෙකෙන  බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කිසියම් පිරිසක් විසින්  ඒ ආසන්නයේ මුහුදු වෙරළේ ගල් පර මත දමා ගොස් තිබියදී ඉකුත් දා  බම්බලපිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී උපනන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අයත් ඉඩමක් වෙනත් පිරිසක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට තැත්කල අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම පිරිස ඉවත් කර තිබෙනවා. අනතුරුව එම ස්ථානයේ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ තැම්පත් කර ඇති අතර, ඉකුත් 12 වැනි දින රාත්‍රියේ සිට මෙම පිළිමය  අස්ථානගතව  පැවති බවයි විහාරාධිපති හිමියන් පොලීසියට දන්වා තිබුණේ.

කෙසේ වෙතත් කිලෝ සියයකට අධික බරින් යුත් එම බුද්ධ ප්‍රතිමා වහන්සේ එම ස්ථානයෙන් ඉවත් කරගෙන යාම සඳහා අඩුම තරමින් පුද්ගලයන් දස දෙනෙකු හො සහභාගී වන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.


කෙසේ වෙතත් ප්‍රදේශ වාසීන්ගේ සහය ඇතිව නැවතත් එම බුද්ධ ප්‍රතිමා වහන්සේ එම ස්ථානයට වැඩම කරවීමට පියවර ගෙන තිබෙනවා.